පනත 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත
නියෝග 2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය

තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම

 
  • තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක්  ලබාගන්න
  • ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ
  • ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ ‍තොරතුරු ලබාදෙනු ඇත
  • ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත
  • තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත

තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,

  • තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
  • පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
  • පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
  • සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම,
  • වැඩිපුර ගාස්තු අයකිරිම,
  • ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
  • එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම

මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න 

 

නම් කල නිලධාරී - එච්.පී.ඩී.කේ. විජේසිංහ මහත්මිය

තනතුර

සහකාර ප්‍රාදේශීය ලේකම් / තොරතුරු නිලධාරී

ලිපිනය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දඹුල්ල

දුරකථන /ෆැක්ස්

071-1456886 /066-2284738

විද්‍යුත් තැපෑල

 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

     

අයදුම් පත්‍රය භාගත කිරීම

තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය  

නම් කල නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රයනම් කල නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය

 

 Right to Information

News & Events

23
ජන2026

දිට්වා රු.25000 ආපදා ගෙවීමේ නාමලේඛනය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දඹුල්ල

දිට්වා රු.25000 ආපදා ගෙවීමේ නාමලේඛනය - ප්‍රාදේශීය...

28
ඔක්2022
දඹුල්ල නව සංචාරක බංගලාව විවෘත කිරීම

දඹුල්ල නව සංචාරක බංගලාව විවෘත කිරීම

දඹුල්ල නව සංචාරක බංගලාව 2022.02.19 වන දින...

28
ඔක්2022
මාධ්‍ය සාකච්ඡාව

මාධ්‍ය සාකච්ඡාව

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ක්‍රියත්මක කිරීමට නියමිත...

28
ඔක්2022
විශේෂ නිවේදනයයි

විශේෂ නිවේදනයයි

13/2021 දරණ දෙපාර්තමේන්තු චක්‍රලේඛයට අනුව විවාහ උප්පැන්න...

Scroll To Top